Tuesday, June 16, 2020

අර්ථ මූණ මවුනා - 3 වන කොටස (වෙලාවට වැඩ කරමු)

අද මම රහසක් කියන්න යන්නේ.. ජීවිතය සාර්ථක කර ගන්න අපි කවුරුත් කැමතියි. සාර්ථකත්වය කියන්නේ මුදල්ම නොවන බව මට හැගී ගියේ බොහෝ කලකට පෙරය. පවුල් ජීවිතය, සෞඛ්‍ය, අධ්‍යාපනය, අර්ථිකය, අධ්‍යාත්මක බව මින් කීපයකි. එහෙත් ඔබ සාර්ථකත්වය කරා ඉලක්ක කර ගත යුතුය. දිනයක් තිබිය යුතුය. ඔබ පුලුවන් අයුරකින් ඔබගේ ඉලක්ක පිළිවෙලකට සකසා ගන්න. ඉදිමරියෙදී ඔබට එ ගැන කරුණ කීපයක සටහනක් තැබීමට මම අදහස් කර සිටිමි. ඉලක්ක 20 පමණ ඉලක්ක ගත කර ගැනීම ඉතා සුදුසුය.

තොරා ගත් ඉලක්ක වෙත යෑම ඔබේ අරමුණයි. එහෙත් ඔබ කුමක් කල යුතුද? මුලින්ම කුමක් කල යුතුද? අරම්භය කොතනින්ද පටන් ගන්නේ. ඔබට ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍යද? නැවත ඔබෙන් අහන්න. ඔව් යන උත්තරය ඔබට පැමිණියොත් විතරක් ඉදිරියට මා මේ ලියන් ලිපිය ඉදිරියට කියවා ගෙන යන්න.



මුලින්ම කල යුතු එකම දේ ඔබ වෙලාවට වැඩ කිරීමයි. මගේ රහස එයයි. ලංකාවේ බොහො දෙනෙක්ට කල  ෙනාහැකි එකම දෙයක් නම් වෙලාවට වැඩ කිරීමයි. එත් මම දන්නවා ඔබට පුලුවන්. ඔබ උපක්ක්‍රම යොදා ගන්න. උදාහරණයක් ලෙස මම මීට පෙර විනාඩි 10 පමණ ප්‍රමාධ වීම පුරුද්දක් කර ගෙන තිබුණා. මම මගේ ගෙදර සියලුම ඔරලෝසු වල වෙලාව විනාඩි 10 කින් වැඩි කලා. දැන් මම විනාඩි 10 පෙර සියලුම වැඩ කර ගන්නවා. ගෙදර අයත් විනාඩි 10 පෙර සියල්ල සැලසුම් වෙනවා. ඉතිං  හොදයි නේද?

මම ඔරලෝසුවේ බෙල් එක තිබ්බට වැඩක් නෑ. අැහුණට අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා. මම බැලුව මේකට උත්තරයක්. මම මගේ අම්මට කිව්වා මාව අවධි කරන්න කියලා. අන්න එ බෙල් එක තුන් සැරයක් වැදනවා. තුන් වෙනි සැරේ වැදෙන්නේ මෙන්න මෙහෙමයි.

දන් මට බෙල් එකක් අවශ්‍ය වන්නේ නෑ. ඉබේබ අවශ්‍ය වෙලාවට අවධි වෙනවා. දැන් පුරුදු වෙලා...

මොන වදයක්ද මන් දන්නේ නෑ මට නිදා ගන්නත් නෑ මූ අවධි වන්නෙත් නෑ හලනව තේක ඔලුවේ, ඔන්න ඔය බෙල්ලක සැරට වැදෙනවා. ඉතිං මම අවධි වෙනවා...

හරි දැන් ඔයාල දන්නවා ජීවිතය සාර්ථක කර ගන්න මුලින්ම කරන්න ඔනි දේ.  මොකක්ද වෙලාවට වැඩ කරන්න ඔනි.

අර්ථ මූණ මවුනා 4 කොටස
අර්ථ මූණ මවුනා - පළමු කොටස
අර්ථ මූණ මවුනා - 2 කොටස
අර්ථ මූණ මවුනා 3 වන කොටස


වෙලාවට වැඩ කරමු. මේ විඩියෝවත් බලන්න.

වෙලාවට වැඩ කරන්න ප්‍රයෝජනවත් කරුණු 14 ක්


No comments:

Post a Comment