Thursday, June 18, 2020

අර්ථ මූණ මවුනා - 4 වෙනි කොටස (මුදල් ඉතිරි කරමු)

ඇයි අපිටම මෙහෙම වෙන්නේ.. සල්ලි තියන තැනටමයි සල්ලි ලැබෙන්නේ.. දුප්පතා හැමදාම දුප්පත්.. අපි ඕනිතරම් මේවගේ මැසිවිලි අහල ඇති, කියල ඇති. ඔයත් කැමතිද මුදල් ඔයාට ගලා ගෙන එනවට... අද කියාදෙන්නේ කොහොමද අපිට මුදල් ලැබෙන්නේ කියල. මේක කරල බලන්න. ස්ථිරයි ඔයාට හරියනවා. ඔයා නිරන්තරයෙන් මුදල් නොගන්න බැංකු පොතක් තෝරා ගන්න. කාඩ් එකක් නැති තරමට හොදයි. එහෙම පොතක් නැත්නම් අලුත් පොතක් හදා ගන්න. සෑම සතියකම යම් මුදලක් ඔයා මේ පොත්ට දමන්න. 100.00 වුනාට කමක් නෑ. ඊට වඩා ගානක් දන්න පුල්වන්නම් හොදයි.





හැබැයි හැම සතියකම මේ මුදල දාන්න ඕනි. ATM මැෂින් වලින් දාන්න පුලුවන් අඩුම ගාන 100 යි. ඔබ සෑම සතියකම දමන්න. පුලුවන් වුනොත් 100 ය 200 කරන්න. 200 ය 500 කරන්න. 500 ය 1000 කරන්න. ඔබට පෙනි පෙනී ඔබගේ ඉතුරුම් වැඩි වේවි. දාන මුදල වැඩි කරනවා ඇරෙන්න අඩු කරන්න එපා. දවස පතා යම් මුදලක් දාන්න පුලුවන්නම් තවත් හොදයි. ටික දිනක් මේ විදිහට ඉතිරු කරන විට මුදල් වලට ඔයා NLP වෙනවා. ඒ කියන්නේ ඔයාට සල්ලි ඇතැත් නැතත් බැංකුවට දාන්න සල්ලි ලැබෙනවා. ඔයා ඉක්මනින්ම 100000 එකතු කරන්න. ඔයාට එක් කොටියක් කරන්න වැඩි කාලයක් යන එයක් නෑ. ඔයාට කොටිපතියෙක් වෙන්න පුලුවන්



තව දෙයක් කියන්න අවශ්‍යයි. කොටිපතියෙක් වෙන්න සරල නීති 2 ක්
1. සෑම රුපියල් 10 කටම එක රුපියලක් ඉතිරි කරන්න.
2. ඉතිරි කරන මුදල් වලින් මුදල් හොයන්න.(Compounding Efect) එ කියන්නේ ඔබේ මුදල් වලට පොලිය ලැබීම. මේ ගැන මම ඔබට පසුව කතා කරන්නම්. එත් එ ගැන දැන ගන්න මම පහත විඩියෝවක් දානව.

වැල් පොලී මූලධර්මය - Compound Effect


වැඩි විස්තර දැන ගන්න පහත සදහන් විඩියෝව බලන්න. එවාගේම අර්ථ මූණ මවුනා ගැන ඵල වූ 1,2,3 ලිපි කියවන්න. ඔබේ අදහස් එක් කරන්න.

මුදල් ඉතිරි කරමු

අර්ථ මූණ මවුනා - 1 කොටස
අර්ථ මූණ මවුනා - 2 කොටස
අර්ථ මූණ මවුනා - 3 වන කොටස

Tuesday, June 16, 2020

අර්ථ මූණ මවුනා - 3 වන කොටස (වෙලාවට වැඩ කරමු)

අද මම රහසක් කියන්න යන්නේ.. ජීවිතය සාර්ථක කර ගන්න අපි කවුරුත් කැමතියි. සාර්ථකත්වය කියන්නේ මුදල්ම නොවන බව මට හැගී ගියේ බොහෝ කලකට පෙරය. පවුල් ජීවිතය, සෞඛ්‍ය, අධ්‍යාපනය, අර්ථිකය, අධ්‍යාත්මක බව මින් කීපයකි. එහෙත් ඔබ සාර්ථකත්වය කරා ඉලක්ක කර ගත යුතුය. දිනයක් තිබිය යුතුය. ඔබ පුලුවන් අයුරකින් ඔබගේ ඉලක්ක පිළිවෙලකට සකසා ගන්න. ඉදිමරියෙදී ඔබට එ ගැන කරුණ කීපයක සටහනක් තැබීමට මම අදහස් කර සිටිමි. ඉලක්ක 20 පමණ ඉලක්ක ගත කර ගැනීම ඉතා සුදුසුය.

තොරා ගත් ඉලක්ක වෙත යෑම ඔබේ අරමුණයි. එහෙත් ඔබ කුමක් කල යුතුද? මුලින්ම කුමක් කල යුතුද? අරම්භය කොතනින්ද පටන් ගන්නේ. ඔබට ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍යද? නැවත ඔබෙන් අහන්න. ඔව් යන උත්තරය ඔබට පැමිණියොත් විතරක් ඉදිරියට මා මේ ලියන් ලිපිය ඉදිරියට කියවා ගෙන යන්න.



මුලින්ම කල යුතු එකම දේ ඔබ වෙලාවට වැඩ කිරීමයි. මගේ රහස එයයි. ලංකාවේ බොහො දෙනෙක්ට කල  ෙනාහැකි එකම දෙයක් නම් වෙලාවට වැඩ කිරීමයි. එත් මම දන්නවා ඔබට පුලුවන්. ඔබ උපක්ක්‍රම යොදා ගන්න. උදාහරණයක් ලෙස මම මීට පෙර විනාඩි 10 පමණ ප්‍රමාධ වීම පුරුද්දක් කර ගෙන තිබුණා. මම මගේ ගෙදර සියලුම ඔරලෝසු වල වෙලාව විනාඩි 10 කින් වැඩි කලා. දැන් මම විනාඩි 10 පෙර සියලුම වැඩ කර ගන්නවා. ගෙදර අයත් විනාඩි 10 පෙර සියල්ල සැලසුම් වෙනවා. ඉතිං  හොදයි නේද?

මම ඔරලෝසුවේ බෙල් එක තිබ්බට වැඩක් නෑ. අැහුණට අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා. මම බැලුව මේකට උත්තරයක්. මම මගේ අම්මට කිව්වා මාව අවධි කරන්න කියලා. අන්න එ බෙල් එක තුන් සැරයක් වැදනවා. තුන් වෙනි සැරේ වැදෙන්නේ මෙන්න මෙහෙමයි.

දන් මට බෙල් එකක් අවශ්‍ය වන්නේ නෑ. ඉබේබ අවශ්‍ය වෙලාවට අවධි වෙනවා. දැන් පුරුදු වෙලා...

මොන වදයක්ද මන් දන්නේ නෑ මට නිදා ගන්නත් නෑ මූ අවධි වන්නෙත් නෑ හලනව තේක ඔලුවේ, ඔන්න ඔය බෙල්ලක සැරට වැදෙනවා. ඉතිං මම අවධි වෙනවා...

හරි දැන් ඔයාල දන්නවා ජීවිතය සාර්ථක කර ගන්න මුලින්ම කරන්න ඔනි දේ.  මොකක්ද වෙලාවට වැඩ කරන්න ඔනි.

අර්ථ මූණ මවුනා 4 කොටස
අර්ථ මූණ මවුනා - පළමු කොටස
අර්ථ මූණ මවුනා - 2 කොටස
අර්ථ මූණ මවුනා 3 වන කොටස


වෙලාවට වැඩ කරමු. මේ විඩියෝවත් බලන්න.

වෙලාවට වැඩ කරන්න ප්‍රයෝජනවත් කරුණු 14 ක්


Saturday, June 13, 2020

අර්ථ මූණ මවුනා - 2 කොටස

ඉතිං අපි මවුනා ගැන එක කොටසක් මීට ඉස්සෙල්ල කථා කලා. කර්ම යෝගයේ පෙර දින සැලසුම් ගැන කථා කලා. අපි බලමු අද දින සැලසුම් කොහොමද හදා ගන්නේ කියලා. අද දවසේ කරන කාර්යන් පෙල ගස්ස ගන්න. එහිදී කෑම ගන්නා වෙලාව, නිදාගන්නා වෙලාව පවා සැලැස්මක් හදාගන්න. කාටද ඔබ අද දුරකථන සංවාද කරන්නේ, මාකට් එකට යෑම, කාර්යල වැඩ සියල්ල පෙල ගස්ස ගන්න. මේ සදහා විනාඩි 10 ක කාලයක් ගන්න. ඔභට හැකිනම් එම පිළිවෙල පොඩි සටහනකට අරගෙන් ඔබේ බෑගයේ, එහෙම නැත්තම් සාක්කුවේ දන්න ගන්න. එකින් එක වැඩ ඉවර  කර එය සටහන් කරන්න. ඔබට මග අැරෙන වැඩ ඊළග දවසට ගන්න.

අපි බලමු හෙට දින වැඩ ගැන. අපි එකට කියනවා අනාගත සැලසුම් කියාලා. අපි එකට විනාඩි 10  ක්  වෙන් කරනවා. අපිට පුලුවන් හෙට දවසේ මූලික වැඩ ගැන සටහනක් දාන්න. එවාගේම ඊලග සතියේ, මාසයේ, අවුරුද්දේ මූලික කාර්යන් සටහන් කරන්න. උදාහරණයක් හිතමු අපි තම මාස 6 කින් වාහනයක් ගන්නවා කියලා. එම අදහස සෑමදාම මේ කොටසේ ලියවෙනවා. දැන් අපි පළමු විනාඩි 30 විස්තර කරල ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඥාන යෝගය. ඥාන යෝගයට විනාඩි 20 වෙන් කරනවා.

අපි පළමු විනාඩි 15  වෙන් කරන්නේ නව දැනුම රැස් කිරීමටයි. ඔබ තෝරාගත් පොතක පරිච්චේදයක් කියවන්න. ඉතිං මේ වෙලාවට කොහොමද පොත් පෙරලන්නේ. වෙලාව මදිනේ. අපිට පුලුවන් පෙර දිනයේදී තොරගත් පොතක අවශ්‍ය පරිච්ඡේදයක් තෝරා book mark එක යොදා තබා ගන්න. දැන් අපිට පහසුයි එම කොටස තෝරාගෙන කියවන්න. ඊලග විනාඩි 5 දී අපි කරන්නේ කියවා ගත්දේ මෙනෙහි කිරීමයි.


අපිට පුලුවන් මීට පෙර කියවූ පොතක් නැවත මෙනහි කරන්න. හරි දැන් අන්තිම විනාඩි 10 තමයි තියෙන්නේ කථා කරන්න. මේ කොටස අයිති වන්නේ ධ්‍යාන යෝගයටයි. කාලය විනාඩි 5 බැගින් කොටස් 2 කට බෙදේ.


ඉන් පළමු විනාඩි 5 ඔබගේ අගම සිහි කරන්න. ඉතිං වැඩි කාලයක් නැති නිසා ඔබට 4.30 පෙර හෝ 5.30 පසු පූර්ණ අගම සිහි කිරීමට කාලය ගත හැක. මෙහෙදී කෙටි කාලයක් බැවින් එම කාලය තුල ඔබගේ අගම මතක් කර ගන්න.


අන්තිම විනාඩි 5 ප්‍රබල විනාඩි 5 ක්.  මේ කාලය ඉතා වටිනාවා. ඔබට පුලුවන් මේ කාලය තුල සෙත් පතන්න. කාටද අපි සෙත් පතන්නේ. ස්භාදහමට, ඔබට, පවුලේ උදයට, අසල්වාසීන්ට, නෑදෑයන්ට, යාලුවන්ට, ඔභත් සමග තරහ වී සිටින අයට මෙන්ම එදිනෙදා භාවිතාවන උපකරණ වලට පවා සෙත් පතන්න. ඔන්න මම අර්ථ මූණ මවුනා වල ප්‍රධාන කොටස ටික හදුන්වා දුන්නා. ඉතිං අපි ඊළග කොටසින් මවුනා එක කරගෙන යන කොට වැදගත් වන තවත් කාරනා කීපයක් කථා කරන්න බලාපොරොත්තු වෙනවා.

අර්ථ මූණ මවුනා විඩියෝව


අපේ අර්ථ මූණ මවුනා ගෘප් එකත් තියනවා. එක්ට ඔයත් එකතු වෙන්න. හැමදාම උදේට අපි පැය භාගයක් හමු වෙනවා.

WhatsApp Group
Telegram Group

අර්ථ මූණ මවුනා - පළමු කොටස
අර්ථ මූණ මවුනා 3 වන කොටස

Wednesday, May 27, 2020

අර්ථ මූණ මවුනා - පළමු කොටස

අර්ථ මූණ මවුනා



මගේ ජීවිතය වෙනස් කල, පුදුමාකාර දෙයක් ගැන තමයි මම අද කියන්න යන්නේ. ඔබ පුදුමයට පත් වේවි. එක්තරා යුගයකට මට අර්ථ මූණ මවුනා කියල වචන කීපයක් දැන ගන්න ලැබුණා. එහෙත් මම හිතුවේ නෑ මගේ ජීවිතය එම වචන කීපයට වෙනස් කරන්න පුලුවන් වෙයි කියලා. මම හොදින් අධ්‍යනය කලා. මම ප්‍රගුණ කලා. මම බොහෝ දෙනෙක්ට මම කියා සිටියා. ඒ අයත් ප්‍රථිපල ගත්තා. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් අර්ථ මූණ මවුනා යන වචන තුනේ හාස්කම.

මම ඉගෙන ගත්ත විදිහිට අර්ථ මූණ මවුනා යන්නේ තේරුම යහපත් දිපිපැවැත්මයි. හිමාලයේ ජීවත්වන ඉසිවරුන්ගෙන් තමයි අපට මෙය ලැබිල තියෙන්නේ. දවසේ පැය 24 ක කලායක් තියනවා කියලා ඔබත් මමත් දන්නවා. මේ පැය 24 න් එක පැයක් අපි ඉතිරි පැය 24 සැලසුම් කරනවා. ඔන්න ඕක තමයි හරියටම කිව්වොත් වෙන්නේ. හැබැයි මේ පැය කොපමණ බලගතුද කිව්වොත් ඔයාට හිතන දේ කරන්න පුලුවන් ශක්තිය ලබා දෙන පැයක්. 

දවසේ හොදම පැය කුමක්ද? උදෑසන 3.00, නෑ දහවල් 12.00, තවත් සමහරු කියයි සවස 4.00 කියලා. ඔබ කියාවි රත්‍රී 8.00 කියලා. දවසේ හොදම පැය තමයි උදෑසන 4.30 ත් 5.30 කාලය. අර්ථ මූණ මවුනා කිරීමට සුදුසුම කාලයයි. ඔබ මට කියාවි පිස්සු කියලා. ඔල්මාදෙද කොහෙද කියලා.  රෙද්දක් පොරවගෙන හොදින් නිදාගන්නවා ඊට වඩා සුදුසු කියාවි. ඔබ දන්නවද දහසක් බුදුන් බුදු වුන පැය තමයි මේ වෙලාව. ඒ විතරක් නෙවෙයි මල් පිපෙන, කුරලන්  රංජු පිටින් තම දරුවන්ට  කෑම සොයාගෙන යන, සියලුම සතුන් තම රාජකාරිය සදහා අවධිවන කාලයයි මේ. අදුර කෙමෙන් මැකී යමින් අලෝකය තම බලය පතුරව ගන්නා මේ උදෑසන ගසක කොටයක් වැටෙන නොවැටෙන පෙනෙන කාලයයි. විශ්ව ශක්තිය වැඩිම වෙලාවයි. විටින් විට පක්ෂීන්ගේ නාද කණට දැනුනම් නිෂ්ශබ්දතාවය මුල් තැනක් මේ කාලයේ ලැබෙයි. 

ඉතින් මේ පැය සැලැසුම් කිරීමට නම් ඔබ අවධි විය යුත්තේ කීයටද? මම ඔබට යෝජනා කරන්නේ 3.55 පාන්දර අවධි වීමයි. පුදුමයක් මොකක්ද ඔබ පුලුවන් ඔබේ අනාගත ගැන හිතන්න මේ වෙලාව. ඉතින් අනාගත ගැන හිතන්න ගිහින් තව පැය කීපයක් ඔබට නිදි යහනෙම ඉන්න ලැබෙන්න අවස්ථාව සලසා ගන්න පුලුවන්. ඔබට පුලුවන්නම් ඔබේ සිහිනි සිහියට ගන්න විනාඩි 5 ක් ඔබ ඉදිරිපිට වැඩි දවසක් නොගිහින් ඔබේ සිහින යාතාර්ථයක් වනු දැකීමට පුලුවන. විනාඩි 5 මෙනෙහි කිරීමෙන්  හොද වතුරක් එකක් බොන්න. කාත් එක්කවත් කථා නොකර ඔබ මේ වේලාවේ සිටීමට හැකිනම් ප්‍රථිපලදායක වනු ඇත. දැන් ඉතින් ඔන්න අපිට පැය භාගයක් තියනවා. 4.00 ඉදල 4.30 වෙනකම්. ඔයාට පුලුවන් හොදින් පිරිසිදු වෙන්න. මූණ කට හොදල, පොඩි මෙඩිටේෂන් එකක් කරන්න පුලුවන්නම් ඉතා හොදයි. තමන්ගේ අගම දහම සිහිකර ගන්නත් මේ වෙලාව හොදයි. ඔයාට පුලුවන්නම් ස්භාදහමත් එක්ක ඉන්න මේ වෙලාව තරම් තවත් වෙලාවක් නැති තරම්. පයට පාවහන් නොදා ගල් කැට වැලි කැට තණ කොළ පෑගෙනවනම් ඔබට පොළව සම්ග සම්බන්ද වෙන්න කදිම වෙලාවක්. ගස් වැල් කීපයකට වතුර දමන්න. ඔවුන් සමග කථා කරන්න. තණ කාෙළ මත, උදුපියලි මත එහා මෙහාට යන්න. සීත සුලං ඔයාව පිළි ගනීවි. ඔන්න දැන් වෙලාව 4.30 යි. සුදුසු තැනක වාඩි වෙන්න. පෑනක් පොතක් අතට ගන්න. ඔයාගේ පාෙත් මේසය කදිම තැනක් වෙන්න පුලුවන්. දැන් දවස සැලසුම් කරන්න.

ඉතින් මම දැන් කියන්න යන්නේ දවස සැලසුම් කරන ආකාරයයි. අපි දන්නවානේ පැයකට විනාඩි 60 ක් තියනවා කියලා. මේ විනාඩි 60 ප්‍රධාන කොඩස් තුනකට බෙදෙනවා.


  1. කර්ම යෝගය (විනාඩි 30)
  2. ඥාන යෝගය (විනාඩි 20)
  3. ධ්‍යාන යෝගය (විනාඩි 10)


හරි, දැන් අපි බලමු පළමු විනාඩි 30. කර්ම යෝගය. නමෙන්ම වටහා ගන්න පුලුවන් මොකක්ද කියලා. අපිට ජීවිතය හදා ගන්න තියනවානම් හොදම අවස්ථාවක් තමයි මේ මම කියන්න යන්නේ. කර්ම යෝගය කොටස් 3 කට බෙදෙනවා


  1. පෙර දින සැලසුම් (විනාඩි 10)
  2. අද දින සැලසුම් (විනාඩි 10)
  3. හෙට දින සැලසුම් (විනාඩි 10)


පෙරදින සැලසුම් නැවතත් කොටස් 4 කට බෙදෙනවා

  1. වැරදි, අඩුපාඩු, අත්වැරදීම් (විනාඩි 3)
  2. අමතකවීම් සහ අතපසු වීම් (විනාඩි 2)
  3. හේතු (විනාඩි 2)
  4. පිලියම් (විනාඩි 3)


ඉතින් දැන් කෙටස් අපි බලමු. කර්ම යෝගයේ, පෙරදින සැලසමු වල, පළමු විනාඩි 3 නේ මොනවද කරන්න තියෙන්නේ කියලා. පෙර දිනයේ වැරදි, අඩුපාඩු සහ අත් වැරදීම්. මම ඉගෙන ගත්ත විදිහටනම් වැරද්දියක් කියන්නේ නැවත හදන්න බැරි දෙයක්. උදාහරණය ලෙස මිනී මැරුමක්. අඩුපාඩු නම් අපි හැමෝටම තියනවා. කැමති නැද්ද දවසින් දහස අඩු පාඩු ටික හදා ගන්න. මට තිබ්බ ලොකුම අඩු පාඩු තමයි වෙලාවට වැඩ කරන්නේ නැති කම. මම අහුවුන මගේ අඩු පාඩුවක් තමයි මේක. මේ විනාඩි 3 පින්සිද්ද වෙන්න දැන් මම වෙලාවට වැඩ කරන මනුස්සයෙක්. ඔයගේ අඩුපාඩු අත්වැරදීම් පොතක ලියන්න. ඊයේ දවසෙ සිද්ද වුන  දේවල්. 

දැන් අපි යමු දෙවන  කොටසට. මේකට නම් විනාඩි 2 යි තියෙන්නේ. අමතකවීම් සහ අතපසු වීම්. මතක් කරල ලියන්න. ඊළග විනාඩි 2 ඉහත කාරණා 2කට හේතු ලියන්න. සමහර විට කම්මැලි කම වෙන්න පුලුවන්.  නොසලකිල්ල, ඉවසීමක් නැති කම, පිළිවෙලාක් නැති කම අදී නොයෙක් දේවල් ඔබට එයි. ඉතින් අන්තිම විනාඩි 3 දි අපි පිලියම් සොයමු. මගේ වෙලාවට වැඩ කරන්නේ නැති කමට හේතුව මම  හොයාගත්තා. විනාඩි 10 ක කාලය මදිකමක් තමයි තියෙන්නේ. වොලාසන අවධි වුනොත් මට එක හදා ගන්න පුලුවන්. එත් මොන කම්මැලි කමක්ද මන්ද විනාඩි 10 මට හදාගන් ලේසි වුනේ නෑ. මොකද මම මේ කතා කරන්නේ අද වුන දෙයක් නෙවෙයි. මීට අවුරුදු 5 කට පමණ කලින් තමයි මම මවුනා පටන් ගත්තේ. මම පිලියමක් යෙදුවා. ගෙදර ඔරලෝසුව් විනාඩි 10 වැඩි කලා. දැන් මම විනාඩි 10කට කලින සෑම වැඩක්ම ඉවර කරනවා.  ඉතින් ඔය ඔරලෝසුවෙ වෙලාවට තමයි ගෙදර උන්දලත් වැඩ කරන්නේ. එ අයත් විනාඩි 10 කලින් දැන් වැඩ. කාලෙකට පස්සේ තමයි මට මෙහෙම ලියන්න හිතුනේ. දැන්නම් අමාරුයි. ඉතුරු ටික ලියන්න පස්සට තියනවා. ඔයාටලට මවුනා දෙවනි කොටසකින් මම හමු වෙන්නම්. හදිසි අයට පහත ලින්ක් එකෙන් ගිහින් මම කරපු විඩියෝවක් තියනවා එක බලන්න. සුභ අනාගතයක්

අර්ථ මූණ මවුනා විඩියෝව


අපේ අර්ථ මූණ මවුනා ගෘප් එකත් තියනවා. එක්ට ඔයත් එකතු වෙන්න. හැමදාම උදේට අපි පැය භාගයක් හමු වෙනවා.

WhatsApp Group
Telegram Group

අර්ථ මූණ මවුනා - 2 වන කොටස