Saturday, June 13, 2020

අර්ථ මූණ මවුනා - 2 කොටස

ඉතිං අපි මවුනා ගැන එක කොටසක් මීට ඉස්සෙල්ල කථා කලා. කර්ම යෝගයේ පෙර දින සැලසුම් ගැන කථා කලා. අපි බලමු අද දින සැලසුම් කොහොමද හදා ගන්නේ කියලා. අද දවසේ කරන කාර්යන් පෙල ගස්ස ගන්න. එහිදී කෑම ගන්නා වෙලාව, නිදාගන්නා වෙලාව පවා සැලැස්මක් හදාගන්න. කාටද ඔබ අද දුරකථන සංවාද කරන්නේ, මාකට් එකට යෑම, කාර්යල වැඩ සියල්ල පෙල ගස්ස ගන්න. මේ සදහා විනාඩි 10 ක කාලයක් ගන්න. ඔභට හැකිනම් එම පිළිවෙල පොඩි සටහනකට අරගෙන් ඔබේ බෑගයේ, එහෙම නැත්තම් සාක්කුවේ දන්න ගන්න. එකින් එක වැඩ ඉවර  කර එය සටහන් කරන්න. ඔබට මග අැරෙන වැඩ ඊළග දවසට ගන්න.

අපි බලමු හෙට දින වැඩ ගැන. අපි එකට කියනවා අනාගත සැලසුම් කියාලා. අපි එකට විනාඩි 10  ක්  වෙන් කරනවා. අපිට පුලුවන් හෙට දවසේ මූලික වැඩ ගැන සටහනක් දාන්න. එවාගේම ඊලග සතියේ, මාසයේ, අවුරුද්දේ මූලික කාර්යන් සටහන් කරන්න. උදාහරණයක් හිතමු අපි තම මාස 6 කින් වාහනයක් ගන්නවා කියලා. එම අදහස සෑමදාම මේ කොටසේ ලියවෙනවා. දැන් අපි පළමු විනාඩි 30 විස්තර කරල ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඥාන යෝගය. ඥාන යෝගයට විනාඩි 20 වෙන් කරනවා.

අපි පළමු විනාඩි 15  වෙන් කරන්නේ නව දැනුම රැස් කිරීමටයි. ඔබ තෝරාගත් පොතක පරිච්චේදයක් කියවන්න. ඉතිං මේ වෙලාවට කොහොමද පොත් පෙරලන්නේ. වෙලාව මදිනේ. අපිට පුලුවන් පෙර දිනයේදී තොරගත් පොතක අවශ්‍ය පරිච්ඡේදයක් තෝරා book mark එක යොදා තබා ගන්න. දැන් අපිට පහසුයි එම කොටස තෝරාගෙන කියවන්න. ඊලග විනාඩි 5 දී අපි කරන්නේ කියවා ගත්දේ මෙනෙහි කිරීමයි.


අපිට පුලුවන් මීට පෙර කියවූ පොතක් නැවත මෙනහි කරන්න. හරි දැන් අන්තිම විනාඩි 10 තමයි තියෙන්නේ කථා කරන්න. මේ කොටස අයිති වන්නේ ධ්‍යාන යෝගයටයි. කාලය විනාඩි 5 බැගින් කොටස් 2 කට බෙදේ.


ඉන් පළමු විනාඩි 5 ඔබගේ අගම සිහි කරන්න. ඉතිං වැඩි කාලයක් නැති නිසා ඔබට 4.30 පෙර හෝ 5.30 පසු පූර්ණ අගම සිහි කිරීමට කාලය ගත හැක. මෙහෙදී කෙටි කාලයක් බැවින් එම කාලය තුල ඔබගේ අගම මතක් කර ගන්න.


අන්තිම විනාඩි 5 ප්‍රබල විනාඩි 5 ක්.  මේ කාලය ඉතා වටිනාවා. ඔබට පුලුවන් මේ කාලය තුල සෙත් පතන්න. කාටද අපි සෙත් පතන්නේ. ස්භාදහමට, ඔබට, පවුලේ උදයට, අසල්වාසීන්ට, නෑදෑයන්ට, යාලුවන්ට, ඔභත් සමග තරහ වී සිටින අයට මෙන්ම එදිනෙදා භාවිතාවන උපකරණ වලට පවා සෙත් පතන්න. ඔන්න මම අර්ථ මූණ මවුනා වල ප්‍රධාන කොටස ටික හදුන්වා දුන්නා. ඉතිං අපි ඊළග කොටසින් මවුනා එක කරගෙන යන කොට වැදගත් වන තවත් කාරනා කීපයක් කථා කරන්න බලාපොරොත්තු වෙනවා.

අර්ථ මූණ මවුනා විඩියෝව


අපේ අර්ථ මූණ මවුනා ගෘප් එකත් තියනවා. එක්ට ඔයත් එකතු වෙන්න. හැමදාම උදේට අපි පැය භාගයක් හමු වෙනවා.

WhatsApp Group
Telegram Group

අර්ථ මූණ මවුනා - පළමු කොටස
අර්ථ මූණ මවුනා 3 වන කොටස

No comments:

Post a Comment