Wednesday, May 27, 2020

අර්ථ මූණ මවුනා - පළමු කොටස

අර්ථ මූණ මවුනා



මගේ ජීවිතය වෙනස් කල, පුදුමාකාර දෙයක් ගැන තමයි මම අද කියන්න යන්නේ. ඔබ පුදුමයට පත් වේවි. එක්තරා යුගයකට මට අර්ථ මූණ මවුනා කියල වචන කීපයක් දැන ගන්න ලැබුණා. එහෙත් මම හිතුවේ නෑ මගේ ජීවිතය එම වචන කීපයට වෙනස් කරන්න පුලුවන් වෙයි කියලා. මම හොදින් අධ්‍යනය කලා. මම ප්‍රගුණ කලා. මම බොහෝ දෙනෙක්ට මම කියා සිටියා. ඒ අයත් ප්‍රථිපල ගත්තා. ඉතින් මම දැන් ඔයාලට කියන්නම් අර්ථ මූණ මවුනා යන වචන තුනේ හාස්කම.

මම ඉගෙන ගත්ත විදිහිට අර්ථ මූණ මවුනා යන්නේ තේරුම යහපත් දිපිපැවැත්මයි. හිමාලයේ ජීවත්වන ඉසිවරුන්ගෙන් තමයි අපට මෙය ලැබිල තියෙන්නේ. දවසේ පැය 24 ක කලායක් තියනවා කියලා ඔබත් මමත් දන්නවා. මේ පැය 24 න් එක පැයක් අපි ඉතිරි පැය 24 සැලසුම් කරනවා. ඔන්න ඕක තමයි හරියටම කිව්වොත් වෙන්නේ. හැබැයි මේ පැය කොපමණ බලගතුද කිව්වොත් ඔයාට හිතන දේ කරන්න පුලුවන් ශක්තිය ලබා දෙන පැයක්. 

දවසේ හොදම පැය කුමක්ද? උදෑසන 3.00, නෑ දහවල් 12.00, තවත් සමහරු කියයි සවස 4.00 කියලා. ඔබ කියාවි රත්‍රී 8.00 කියලා. දවසේ හොදම පැය තමයි උදෑසන 4.30 ත් 5.30 කාලය. අර්ථ මූණ මවුනා කිරීමට සුදුසුම කාලයයි. ඔබ මට කියාවි පිස්සු කියලා. ඔල්මාදෙද කොහෙද කියලා.  රෙද්දක් පොරවගෙන හොදින් නිදාගන්නවා ඊට වඩා සුදුසු කියාවි. ඔබ දන්නවද දහසක් බුදුන් බුදු වුන පැය තමයි මේ වෙලාව. ඒ විතරක් නෙවෙයි මල් පිපෙන, කුරලන්  රංජු පිටින් තම දරුවන්ට  කෑම සොයාගෙන යන, සියලුම සතුන් තම රාජකාරිය සදහා අවධිවන කාලයයි මේ. අදුර කෙමෙන් මැකී යමින් අලෝකය තම බලය පතුරව ගන්නා මේ උදෑසන ගසක කොටයක් වැටෙන නොවැටෙන පෙනෙන කාලයයි. විශ්ව ශක්තිය වැඩිම වෙලාවයි. විටින් විට පක්ෂීන්ගේ නාද කණට දැනුනම් නිෂ්ශබ්දතාවය මුල් තැනක් මේ කාලයේ ලැබෙයි. 

ඉතින් මේ පැය සැලැසුම් කිරීමට නම් ඔබ අවධි විය යුත්තේ කීයටද? මම ඔබට යෝජනා කරන්නේ 3.55 පාන්දර අවධි වීමයි. පුදුමයක් මොකක්ද ඔබ පුලුවන් ඔබේ අනාගත ගැන හිතන්න මේ වෙලාව. ඉතින් අනාගත ගැන හිතන්න ගිහින් තව පැය කීපයක් ඔබට නිදි යහනෙම ඉන්න ලැබෙන්න අවස්ථාව සලසා ගන්න පුලුවන්. ඔබට පුලුවන්නම් ඔබේ සිහිනි සිහියට ගන්න විනාඩි 5 ක් ඔබ ඉදිරිපිට වැඩි දවසක් නොගිහින් ඔබේ සිහින යාතාර්ථයක් වනු දැකීමට පුලුවන. විනාඩි 5 මෙනෙහි කිරීමෙන්  හොද වතුරක් එකක් බොන්න. කාත් එක්කවත් කථා නොකර ඔබ මේ වේලාවේ සිටීමට හැකිනම් ප්‍රථිපලදායක වනු ඇත. දැන් ඉතින් ඔන්න අපිට පැය භාගයක් තියනවා. 4.00 ඉදල 4.30 වෙනකම්. ඔයාට පුලුවන් හොදින් පිරිසිදු වෙන්න. මූණ කට හොදල, පොඩි මෙඩිටේෂන් එකක් කරන්න පුලුවන්නම් ඉතා හොදයි. තමන්ගේ අගම දහම සිහිකර ගන්නත් මේ වෙලාව හොදයි. ඔයාට පුලුවන්නම් ස්භාදහමත් එක්ක ඉන්න මේ වෙලාව තරම් තවත් වෙලාවක් නැති තරම්. පයට පාවහන් නොදා ගල් කැට වැලි කැට තණ කොළ පෑගෙනවනම් ඔබට පොළව සම්ග සම්බන්ද වෙන්න කදිම වෙලාවක්. ගස් වැල් කීපයකට වතුර දමන්න. ඔවුන් සමග කථා කරන්න. තණ කාෙළ මත, උදුපියලි මත එහා මෙහාට යන්න. සීත සුලං ඔයාව පිළි ගනීවි. ඔන්න දැන් වෙලාව 4.30 යි. සුදුසු තැනක වාඩි වෙන්න. පෑනක් පොතක් අතට ගන්න. ඔයාගේ පාෙත් මේසය කදිම තැනක් වෙන්න පුලුවන්. දැන් දවස සැලසුම් කරන්න.

ඉතින් මම දැන් කියන්න යන්නේ දවස සැලසුම් කරන ආකාරයයි. අපි දන්නවානේ පැයකට විනාඩි 60 ක් තියනවා කියලා. මේ විනාඩි 60 ප්‍රධාන කොඩස් තුනකට බෙදෙනවා.


  1. කර්ම යෝගය (විනාඩි 30)
  2. ඥාන යෝගය (විනාඩි 20)
  3. ධ්‍යාන යෝගය (විනාඩි 10)


හරි, දැන් අපි බලමු පළමු විනාඩි 30. කර්ම යෝගය. නමෙන්ම වටහා ගන්න පුලුවන් මොකක්ද කියලා. අපිට ජීවිතය හදා ගන්න තියනවානම් හොදම අවස්ථාවක් තමයි මේ මම කියන්න යන්නේ. කර්ම යෝගය කොටස් 3 කට බෙදෙනවා


  1. පෙර දින සැලසුම් (විනාඩි 10)
  2. අද දින සැලසුම් (විනාඩි 10)
  3. හෙට දින සැලසුම් (විනාඩි 10)


පෙරදින සැලසුම් නැවතත් කොටස් 4 කට බෙදෙනවා

  1. වැරදි, අඩුපාඩු, අත්වැරදීම් (විනාඩි 3)
  2. අමතකවීම් සහ අතපසු වීම් (විනාඩි 2)
  3. හේතු (විනාඩි 2)
  4. පිලියම් (විනාඩි 3)


ඉතින් දැන් කෙටස් අපි බලමු. කර්ම යෝගයේ, පෙරදින සැලසමු වල, පළමු විනාඩි 3 නේ මොනවද කරන්න තියෙන්නේ කියලා. පෙර දිනයේ වැරදි, අඩුපාඩු සහ අත් වැරදීම්. මම ඉගෙන ගත්ත විදිහටනම් වැරද්දියක් කියන්නේ නැවත හදන්න බැරි දෙයක්. උදාහරණය ලෙස මිනී මැරුමක්. අඩුපාඩු නම් අපි හැමෝටම තියනවා. කැමති නැද්ද දවසින් දහස අඩු පාඩු ටික හදා ගන්න. මට තිබ්බ ලොකුම අඩු පාඩු තමයි වෙලාවට වැඩ කරන්නේ නැති කම. මම අහුවුන මගේ අඩු පාඩුවක් තමයි මේක. මේ විනාඩි 3 පින්සිද්ද වෙන්න දැන් මම වෙලාවට වැඩ කරන මනුස්සයෙක්. ඔයගේ අඩුපාඩු අත්වැරදීම් පොතක ලියන්න. ඊයේ දවසෙ සිද්ද වුන  දේවල්. 

දැන් අපි යමු දෙවන  කොටසට. මේකට නම් විනාඩි 2 යි තියෙන්නේ. අමතකවීම් සහ අතපසු වීම්. මතක් කරල ලියන්න. ඊළග විනාඩි 2 ඉහත කාරණා 2කට හේතු ලියන්න. සමහර විට කම්මැලි කම වෙන්න පුලුවන්.  නොසලකිල්ල, ඉවසීමක් නැති කම, පිළිවෙලාක් නැති කම අදී නොයෙක් දේවල් ඔබට එයි. ඉතින් අන්තිම විනාඩි 3 දි අපි පිලියම් සොයමු. මගේ වෙලාවට වැඩ කරන්නේ නැති කමට හේතුව මම  හොයාගත්තා. විනාඩි 10 ක කාලය මදිකමක් තමයි තියෙන්නේ. වොලාසන අවධි වුනොත් මට එක හදා ගන්න පුලුවන්. එත් මොන කම්මැලි කමක්ද මන්ද විනාඩි 10 මට හදාගන් ලේසි වුනේ නෑ. මොකද මම මේ කතා කරන්නේ අද වුන දෙයක් නෙවෙයි. මීට අවුරුදු 5 කට පමණ කලින් තමයි මම මවුනා පටන් ගත්තේ. මම පිලියමක් යෙදුවා. ගෙදර ඔරලෝසුව් විනාඩි 10 වැඩි කලා. දැන් මම විනාඩි 10කට කලින සෑම වැඩක්ම ඉවර කරනවා.  ඉතින් ඔය ඔරලෝසුවෙ වෙලාවට තමයි ගෙදර උන්දලත් වැඩ කරන්නේ. එ අයත් විනාඩි 10 කලින් දැන් වැඩ. කාලෙකට පස්සේ තමයි මට මෙහෙම ලියන්න හිතුනේ. දැන්නම් අමාරුයි. ඉතුරු ටික ලියන්න පස්සට තියනවා. ඔයාටලට මවුනා දෙවනි කොටසකින් මම හමු වෙන්නම්. හදිසි අයට පහත ලින්ක් එකෙන් ගිහින් මම කරපු විඩියෝවක් තියනවා එක බලන්න. සුභ අනාගතයක්

අර්ථ මූණ මවුනා විඩියෝව


අපේ අර්ථ මූණ මවුනා ගෘප් එකත් තියනවා. එක්ට ඔයත් එකතු වෙන්න. හැමදාම උදේට අපි පැය භාගයක් හමු වෙනවා.

WhatsApp Group
Telegram Group

අර්ථ මූණ මවුනා - 2 වන කොටස

No comments:

Post a Comment